FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රි හා ජනපති ආර්යාව ඉන්දීය දේවාලයකට ගිහිං..

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉන්දියාවේ තිරුපති දේවාලයේ පූජාවකට සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පෙරේදා (07) දිනයේ ඉන්දියාව බලා ගොස් ඇති ඔවුන් දෙදෙනා ඊයේ (08) දිනයේ මෙම විශේෂ පූජාවක් පවත්වා ඇති බවත් ඉන්දීය හින්දු පුවත්පත් වාර්තාවක මේ බව සදහන්ව ඇත.

ජනාධිපති සිරිසේන 2015 පෙබරවාරි මාසයේදීත්, 2016 අගෝස්‌තු මාසයේදීත් ඉන්දීය තිරුපති දේවාලයේ විශේෂ පූජාවන්ට සහභාගී විය.