FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තුත් සීයයට 15 කින් ඉහළ යයි !

රජය ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානම් වන බවත්, එසේ වුවහොත් සමස්ත බස් ගාස්තුව සීයයට 15ක ආසන්න ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය පියවර ගත යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංග මහතා පැවැසීය.

ලැබෙන ආරංචිමාර්ගවලට අනුව රජය ලබන මාසයේ සිට ඉන්ධන මිල සැලකිය යුතු අගයකින් ඉහළ දැමීමට සූදානම් වන බව පැහැදිලි වන බවත්, ඒ නිසා බස් ගාස්තු වැඩි කිරීමට ජාතික ගමනා ගමන මණ්ඩලය පියවර නොගතහොත් රට පුරා බස් ධාවනයෙන් ඉවත්වී වර්ජනයකට එළඹීමට සිදුවන බව පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.