ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරියන්ට එරෙහිව සාක්කි ලෙස , උපත් පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් නොකරන ලෙස සියලුම පොලිස්ථාන වලට පොලිස් මූලස්ථානය නිල පණිවිඩයක් මගින් දැනුම්දී ඇත.
ගණිකා වෘත්තියේ යෙදුන කාන්තාවක් උපත් පාලන කොපු සමග අත්අඩංගුවට ගත් බවට ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් කෙරෙහි අවධානය යොමුවීමෙන් පසු මෙම නියෝගය පනවා ඇති බවද පොලීසිය පවසයි.
නියෝජ්‍ය පොලිස්පති (නීති දිසාව), විනය හා කල් කිරීම් අංශය විසින් මෙම නියෝගය පනවා ඇත.









