FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට..

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී විසිහත් දෙනෙකු තුවාල ලැබු බව විදෙස්මාධ්‍ය සදහන් කරයි.

බලුකිස්තාන් පළාතේ ජාල්මැග්සි ප්‍රදේශයේ සූෆි මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේ බැතිමතුන් විශාල පිරිසක් එහි පැවති ආගමික උත්සවයකට රැස්ව සිටි බවත් වාර්තා වෙයි.

පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රහාරකයාව දේවස්ථානයේ පිවිසුම් දොරටුව අසලදී නැවැත්වූ අවස්ථාවේදී බෝම්බය පුපුරවාහැරි බවත් ඉන් එම පොලිස් නිලධාරියා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අයි එස් ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙන බවත් විදෙස්වාර්තා පවසයි.