FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයේ ගින්නකින් දරුවන් සිව්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට..

බ්‍රසීලයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් දරුවන් සිව්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්වාර්තා පවසයි.

ගින්න හටගෙන ඇත්තේ ජනෝමා නගරයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වන අතර තවත් 25 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවත් සදහන්ය.

වාර්තා පලවී ඇත්තේ එහි සේවය කරන පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලට ගිනි තැබූ බවටයි.

C.රොද්‍රීගු