තමන් මිය යාමට පෙර ජනාධිපතිකම හෝ අගමැතිකම දරන්නට බලවත් ආශාවක් ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරයෙක් සිය සමීපතම පළාත් සභා මන්ත්‍රී පිරිසක් හමුවේ පවසා ඇති බව දැනගන්නට ලැබේ.
දැනට තමන් ජීවිතයේ අවසන් කාලය ගෙවන නිසා විශාල දේශපාලන පෙරළි සදහා අතගැසීමට තරම් සවියක් නැති බවත් සදහන් කර ඇති ඔහු මේ ආණ්ඩුව යටතේම අගමැති ධුරය ලැබෙතැයි සිතා සිටින බවද සදහන් කර තිබේ.
ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ සුහද සාකච්චාවක් හා සාදයක් සදහා පැමිණි ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකටය.









