FAST NEWS

24×7 Around the Globe

කිසිවෙකු නොසිතන ඇමතිවරුන් සාකච්ඡාවට ඇවිත් කරන ප්‍රකාශයන් බැසිල් කියයි..

කිසිවෙකු නොසිතන ඇමතිවරුන් තමා සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.

එම ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පවත්වන සාකච්ඡාවල තොරතුරු තමන්ට ලබාදෙන බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී සදහන් කර ඇත.

බොහෝ ඇමතිවරුන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සංසන්දනය කරමින් කතා කරන බවත්,ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවලදී වත්මන් ජනාධිපතිවරයා හැසිරෙන ආකාරය තමන් සමග පවසන බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිනපතා ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් තමන් සමග දුරකථන ඔස්සේ සාකච්ඡා කරන කිසිදු රහසක් පිටතට නොදීමට වග බලා ගන්නා බවයි.

මේ දක්වා අදාළ දේශපාලඥයන් සමග සබඳතා පැවැත්වීමට හැකිව තිබෙන්නේ, එම විශ්වාසය අනුව බවද හෙතෙම පවසා ඇත.