FAST NEWS

24×7 Around the Globe

‘ශිල්ප අභිමානී 2017’ හස්ත කර්මාන්ත උලෙළ ලබන 08 වෙනිදා දක්වා..

‘ශිල්ප අභිමානී 2017’ ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උලෙළෙහි සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (04) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්විණි.

තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උලෙළ ලබන 08දා දක්වා පැවැත්වීමට නියමිතය.

අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, චන්ද්‍රාණි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ජාතික ශිල්ප සභාවේ සභාපතිනී හේෂානි බෝගොල්ලාගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.