FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ගව මස් පරිභෝජනයේ ලොකු වෙනසක්..

ශ්‍රී ලංකාවේ ගව මස් පරිභෝජනය පහළ ගොස් ඇති බව වාර්තා වේ.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම විවිධ සමාජයීය හේතු නිසා මෙම තත්ත්වය ඇතිව ඇතිව තිබෙන බවත් ගවමස් පරිභෝජනය පහළ යෑමට සමගාමීව එළුමස් පරිභෝජනය ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් එම ඉල්ලුම සපුරාලීම තරම් ශ්‍රී ලංකාවේ එළුමස් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන හෙයින් බෝයර් වර්ගයේ එළුවන් 100ක් ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වේ.

එළුමස් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණින් එළුවන් අභිජනන කටයුතු හා වාණිජ ගොවිපොළවල් සඳහා පට්ටි එළුවන් සැපයීමේ අරමුණින් මෙම එළුවන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවත් පැවසේ.