FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ අවධානම් මැලේරියා මදුරු විශේෂයක් ලංකාවටත් ඇවිත්..

‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වව්නියාවෙන් හමුවීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබේ.

මෙම නව මැලේරියා මදුරු විශේෂය ඉන්දියාවෙන් පළමුව වාර්ථාවන අතර මර්ධනය කිරීමටද තරමක් අපහසු බවට සෞඛ්‍ය බලධාරින් කියා සිටිති.

ජාතික මැලේරියා මර්ධන ඒකකය සඳහන් කර සිටියේ නව මැලේරියා වාහක මදුරුවා තලෙයි මන්නාරම ප්‍රදේශයේ පේසාලේ ළිඳක තිබී පළමුව සොයානෙ ඇති බවත් පසුව වව්නියාවේ බස්නැවතුම්පල ආසන්නයේ සහ ළිඳක තිබී හමු වූ බවටත්ය.