FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්‍ෂත් හෙට අනින්දට හෝස් ගාල ගියොත් සේරම ඉවරයි..!

‘මහින්ද රාජපක්‍ෂ මහත්තයත් හෙට අනින්දට හෝස් ගාල ගියොත් මොකද වෙන්නෙ. පොහොට්ටුවත් ඉවරයි. පක්‍ෂත් ඉවරයි. සේරම ඉවරයි’ යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේ විලච්චිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පැවැසීය.

පක්‍ෂයක් මනුස්සයෙක් සමග නාකි විය යුතු නැති බවත් පක්‍ෂයක් මනුස්සයෙකු සමග මිය යා යුතු නැති බවත් සදහන් කල ඔහු ජනවාරි 08 වැනිදා පරාජයට පත් වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා මිස ශ‍්‍රීලනිපය නොවන බවද සදහන් කලේය.