FAST NEWS

24×7 Around the Globe

පුහුණුවීම් අතරතුර මියගිය රග්බි ක්‍රීඩකයාගේ පියා කළ ප්‍රකාශය මෙන්න..

සිය ජීවිතේම නැති වී අවසන් බව පුහුණුවීම් අතරතුර මියගිය මහනුවර ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩකයාගේ පියා ප්‍රකාශ කරයි.

පුහුණුවේදී කිලෝමීටර් දොළහක පමණ දුරක්‌ දිවගිය රග්බි ක්‍රීඩකයෙකු හදිසියේ මහමඟ ඇදවැටීම නිසා මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය යන ලදි.

ලෝක ළමා දිනය යෙදුන ඔක්තෝම්බර් 01 වන දා ඔහු යළි පුහුණුවීම් අරඹා ඇත්තේ කෙටි කලක්‌ පුහුණුවීම් නතර කර සිටීමෙන් පසුවය.

මහනුවර ත්‍රිත්ව විදුහලේ දොළහ ශ්‍රේණියේ වාණිජ අංශයේ ඉගෙනුම ලබමින් සිටි පළමු පෙළ රග්බි කණ්‌ඩායමේ ක්‍රීඩකයකු වූ 17 හැවිරිදි භාතිය ඒකනායක මෙසේ මියගිය අතර ඔහුගේ පියා වන සෙනවිරත්න ඒකනායක ද ත්‍රිත්ව විදුහලේම අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ සේවකයෙක් වෙයි.

පාසල් රග්බි වාරය නිමවී සියලු රග්බි ක්‍රීඩකයන් මාස දෙකකට වැඩි කාලයක්‌ විවේකීව සිට, පසුව පුහුණුවීම් අරඹා ඇත්තේ ලබන පෙබරවාරි මාසයේ යළි රග්බි වාරය ආරම්භ වන නිසාවෙනි.

පියා වන සෙනවිරත්න ඒකනායක මෙසේ ප්‍රකාශ කරන ලදි.

“මට ආයේ නැති වෙන්න දෙයක්‌ නෑ.. මගේ ජීවිතේම නැතිවෙලා ඉවරයි”