සිරියාවේ ඩැමස්කස් අගනුවර බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් දාහත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්මාධ්‍ය පවසයි.
එම ප්‍රහාර එල්ල කර ඇත්තේ අල්මිදාන් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ඉලක්ක කරගෙන අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු පොලිස් ස්ථානය ඉදිරිපිට සහ එම ගොඩනැගිල්ල තුළ බෝම්බ පුපුරුවා හැර ඇති බව සඳහන්ය.
එක් ප්‍රහාරකයෙකු බෝම්බය පුපුරුවා හැරීමට පෙර පොලිස් ස්ථාන ගොඩනැගිල්ල දෙසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර ජීවිතක්ෂයට පත්වූවන් අතර පොලිස් නිලධාරීන් හය දෙනෙකු සිටින බව වාර්තා වේ.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නොමැති බව වාර්තා වේ.
Cරොද්‍රිගු









