FAST NEWS

24×7 Around the Globe

ළමා දිනයට පුහුණුවක යෙදුන ගුරුවරිය නටද්දී ඇද වැටී මියයයි..

ඉරිදාට යෙදුන අන්තර්ජාතික ළමා දිනය වෙනුවෙන්, සිකුරාදා සිය පාසලේ සිසුන්ට නර්තනයක් පුහුණු කරමින් තමන්ද නර්තනයේ යෙදී සිටි ගුරුවරියක පාසලේ වේදිකාව මත ඇද වැටී මියගිය පුවතක් මැණික්‌දිවෙලින් වාර්තා වේ.

මැණික්‌දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබෙන අතර මෙම ගුරුවරිය 45 හැවිරිදි වියේ පසුවන අතර එක්‌දරු මවක් වේ.

දිගු කලක සිට පිළිකාවට අදාළ රෝග තත්ත්වයක්‌ මත ගුරුවරිය ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන් වන අතර සිරුර වෙහෙස නොකර ඉගැන්වීමේ කටයුතු කරන ලෙස මෙම ගුරුවරියට වෛද්‍ය උපදෙස්‌ ලැබී තිබු බවද වාර්තා වෙයි.