FAST NEWS

24×7 Around the Globe

වීදි දරුවන් දෙසට පොලීසියේ අවධානය යොමුවෙලා..

අනාරක්ෂිත තත්ත්වයන් මත සිටින නීතියේ ආරක්ෂාව හා රැකවරණය අවශ්‍ය කරන ළමුන් හඳුනාගෙන (වීදි ළමුන්) ඔවුන් ආරක්ෂිත තත්ත්වයට පත්කිරීම සඳහා පොලීසිය හා ජාතික ළමා හා කාන්තා කාර්යංශය අවධානය යොමුකර තිබේ.

මේ අනුව මෙම වැඩපිළිවෙළ දියත් කිරීමට සඳහා ළමා හා කාන්තා කාර්යාංශය හා පොලීසිය මේ වනවිට ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නංවා ඇත.

දරුවන්ගේ ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සෑම පොලිස් නිලධාරියෙකුගේම වගකීම බවද පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.