FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය ලකුණු 03 ක් ඉදිරියෙන් – රංගනගෙන් විශිෂ්ට පන්දු යැවීමක්..

ශ්‍රී ලංකා කණ්ඩායම අබුඩාහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 422 ක් රැස් කර ගැනීමට සමත් විය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කල ලකුණු 419 සංඛ්‍යාවට වඩා ලකුණු 04 ක් ඉදිරියෙන් සිටිමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවිමක නිරත වු රංගන හේරත් ලකුණු 93 කට කඩුළු 05 ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ සිව්වන දිනය අද (01) වන අතර ශ්‍රී ලංකා දෙවැනි ඉනිම තව ස්වල්ප වේලාවකින් ආරම්භ කිරීමට නියමීතය.

(DE සිල්වා)