සිය පෙම්වතිය පරුෂ වචනයෙන් බැණ වැදුණා යැයි තරුණයෙක් 25 දින රාත්‍රියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පින්දෙණිය පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල ඇතිමලේවැව තිස්සපුර වීරපිටිය උදාගම ගම්මානයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියෙකි.
මෙම තරුණයා සහ තවත් පිරිසක් මොණරාගල සිට කෑගල්ල පිණ්දෙනිය පොලිස් වසමේ අලුතින් ඉදිකෙරෙමින් පවතින මාර්ගයක කම්කරුවන් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔවුන් පින්දෙණිය ප්‍රෙද්ශයේ තාවකාලික නිවසක පදිංචිව සිට මෙම මාර්ගයේ සිය රැකියාව සිදුකරමින් සිට ඇති බව පින්දෙණිය පොලීසිය කියයි.
තරුණයා, දැනට රාගම ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය මීට දින කිහිපයක සිට තරුණයා සමග අමනාප වී තරුණයාට දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදීම නිසා තරුණයා සිත් තැවුලට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් කම්බියක ගෙල වැලලාගෙන මියගොස් ඇති බවත් වාර්තා වෙයි.









