පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් භාවිතා කරන සපත්තු සහ හිස් වැසුම් අධික බරකින් යුතු බැවින් ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සැහැල්ලු සපත්තු සහ හිස් වැසුම් ඔවුන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක උපදෙස් දී තිබේ.
පොලිස්පතිවරයාගේ සිට පොලිස් කොස්තාපල්වරයා දක්වා සියලුම නිලයන් සඳහා නිල ඇඳුම් භාවිතයේදී ගුණාත්මක බාවයෙන් ඉහළ එකම රෙදි වර්ගයක් භාවිතා කරන ලෙසත් නිල ඇඳුම් සඳහා ලබාදෙන දීමනාව වැඩි කරන ලෙසත් ඇමතිවරයා කියා ඇත.









