FAST NEWS

24×7 Around the Globe

දසුන්ගේ සියදිවි නසාගැනීම ගැන පොලීසිය ශලනි තාරකා පසුපස..

රංගන ශිල්පී දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද මරණ පරීක්‍ෂණයේදී හෙලිව ඇත්තේ රංගන ශිල්පිණි ශලනි තාරකා සමග තිබූ පෙම් සබදතාවකදී ඇති වූ සිත් තැවුලක් මත මෙය සිදු කර ගන්නට ඇති බවයි.

මරණය සම්බන්ධයෙන් ශලනි තාරකාගෙන්ද පොලීසිය විසින් ප‍්‍රකාශයක් ලබා ගනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

දසුන් නිෂාන් තමන් විවාහකයෙකු බව සගවමින් ශලනි තාරකා සමග සබදතාවය පවත්වාගෙන ගිය බවත් එය හෙලි වූ පසු විවාහක බිරිද දික්කසාද කරන්නට උත්සාහ කර ඇති බවත් දසුන්ගේ ක්‍ෂෙත‍්‍රයේ සමීප මිතුරන් කියයි.

කෙසේ වෙතත් දික්කසාදය දීම සදහා විශාල මුදලක් බිරිද ඉල්ලා සිටි නිසාද දසුන් නිශාන් සිත්නැවුලෙන් සිටි බව පැවසෙයි.