FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමත් ලංකාව වගේ..

වත්මන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සමාන බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං පවසයි.

ඔහු පවසන්නේ කහ ජර්සිය හැඳගෙන ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමක් බවට මේ වනවිට ඔස්ට්‍රේලියා කණ්ඩායම පත්ව ඇති බවයි.

ඉන්දියා ටුඩේ පුවත් සේවයට අදහස් දක්වන හර්බජන් පවසන්නේ විරාත් කෝලි ක්‍රියාත්මක වන ඉන්දු – ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය ද 5-0ක් ලෙස ජයගැනීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවයි.

ඉන්දු – ඔස්ට්‍රේලියා තරග පහකින් යුත් එක්දින තරගාවලිය මේ වනවිටත් තරග 3-0ක් ලෙස ඉන්දියාව ජයගෙන තිබේ.