FAST NEWS

24×7 Around the Globe

පළාත් සමූපකාර අමාත්‍ය සමුළුව අද ඇරඹේ..

පළමු වරට ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් සකස්කර ඇති අතර ඒ පිළිබඳව පවත්වන පළාත් සමූපකාර අමාත්‍ය සමුළුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

එසේම මෙම කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ව්‍යාපාර සහ වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අලි සාහීර් මව්ලානා යන මහත්වරුන් හා සියලු පළාත්වල සමූපාකාර අමාත්‍යවරුන් සහභාගි වීමට නියමිතය.

(DE සිල්වා)