චීනයට අයත් “චයිනා සදර්න් එයාර් ලයින්ස්” නැමති ගුවන් සේවය ඊයේ (26) සිට ශ්රී ලංකාව වෙත සිය මෙහෙයුම් ආරම්භ කළේය.
මේ හරහා කටුනායක සහ චීනයේ ග්වැන්ෂෝ අතර සෘජු ගුවන් ගමන් සිදු කිරීමට නියමීත අතර සතියකට දින 03 ක් ,අගහරුවාදා , බ්රහස්පතින්දා සහ ඉරිදා දින වල මෙම ගුවන් සේවා ක්රියාත්මක වේ.
මෙම ගුවන් සේවය ආසියාවේ පළමු ස්ථානයත්, ලොව ගුවන් සේවා අතර සිව් වැනි ස්ථානයටත් පත්ව තිබේ.
ගුවන් සේවය රටවල් 177 ක ගමනාන්ත 1062 ක් කරා සිය ගුවන් සේවා පවත්වාගෙන යයි.
(DE සිල්වා)







