FAST NEWS

24×7 Around the Globe

නීති ශිෂ්‍යාවක් දූෂණය කළ ප්‍රසිද්ධ පුජකයෙකුට වුන දේ..

නීති ශිෂ්‍යාවක් දූෂණය කළ බවට ඉන්දියාවේ ප්‍රසිද්ධ පුජකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් විදෙස්මාධ්‍ය වාර්තා කලේය.

නවතම වාර්තා අනුව රාජස්ථාන් ප්‍රාන්තයේ – අල්වාර් නැමති ගම්මානයේ ඇති ගුරු ෆල්හාරි මහාරාජ් නමැති පුජකයා ද ඔහුගේ ආශ්‍රමය තුළ දී 21 හැවිරිදි නීති සිසුවිය දුෂණයට ලක් කර ඇති බව සදහන්ය.

ඇය අගෝස්තු 07 වන දා මුදල් පරිත්‍යාගයක් සඳහා ආශ්‍රමයට ගොස් ඇත්තේ සිය දෙමාපියන්ගේ ඉල්ලීම මත බවත් එහි රාත්‍රිය ගත කිරීමට ඇය එකඟ වී තිබෙන බවත් විදෙස්වාර්තා පවසයි.

පොලිසියට ලැබී ඇති පැමිණිල්ලේ දක්වා ඇත්තේ පසුව 58 හැවිරිදි පූජකයා රාත්‍රියේ ඇයව දුෂණය කර ඇති බවටයි.