FAST NEWS

24×7 Around the Globe

2018 අයවැයට අදහස් හා යෝජනා කැඳවේ..

2018 අයවැය සඳහා අදහස් සහ යෝජනා මුදල් අමාත්‍යාංශයට ලබන 15 වනදාට පෙරඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

එම යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහ ලේකම් කාර්යාලය, කොළඹ කොටුව යන ලිපිනයට යොමු කරන ලෙස මුදල් අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

අර්ථික ක්ෂේත්‍රයේ නිෂ්පාදන, කෘෂි හා සේවා අංශයේ සියලු පාර්ශව සඳහා මෙන්ම විද්වතුන්, වෘත්තිකයින් හා මහජනතාවට අයවැය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

2018 අයවැය යෝජනා නොවැම්බර් මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

(DE සිල්වා)