FAST NEWS

24×7 Around the Globe

රවී ගැන හිටපු ඇමති ජෝෂප් මයිකල් ප්‍රකාශයක් කරයි..

‘එක්සත් ජාතික පක්ෂයේත් හොරු ඉන්නවා.. යහපාලන ආණ්ඩුවෙත් හොරු ඉන්නවා පක්ෂයේ හොරු ඉන්නකම් පක්ෂයේ ‍ඓතිහාසික ජයග්‍රහණ අවතක්සේරුවට ලක්වෙනවා‘යැයි ජාඇල එජාප ප්‍රධාන සංවිධායක හිටපු ඇමති ජෝෂප් මයිකල් පෙරේරා මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජාඇල කෝට්ඨාසයෙන් ඉදිරිපත් කිරීමට යෝජිත එජාප අපේක්ෂකයින් දැනුම්වත් කිරීම සඳහා ජාඇල එජාප ප්‍රධාන කාර්යාලයේදී පැවති රැස්වීමක් අමතමින් පවසයි.

“රවී කරුණානායකගේ සෑම වැඩපිළිවෙළක්ම පක්ෂයට පමණක් නොවෙයි. රටටත් හානි කරයි. ඇමතිකමෙන් අස්වුණේ කැමැත්තකින් නොවෙයි. අස්නොවී බැරිවුණා. දැන් ඔහු තමන්ගේ දිස්ත්‍රික්කය බලාගන්නේ නැතිව අපේ කොට්ඨාසවලටත් අත පොවනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.