FAST NEWS

24×7 Around the Globe

Huawei හි Super Charge තාක්ෂණයට TÜV Rheinland සහතිකය හිමිවෙයි..

Huawei හි Super Charge තාක්ෂණය සඳහා TÜV Rheinland සහතිකය හිමිවූ බව Huawei ව්‍යපාර සමූහය නිවේදනය කරයි.

Huawei හි Super Charge තාක්ෂණය පිළිබඳව සුවිශේෂි වූ පරීක්ෂණ රැසකින් පසු ලොව ප්‍රමුඛතම ආරක්ෂක උපාංග ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛයින් වන TÜV Rheinland විසින් මෙම සහතිකය පිරිනමා තිබේ.

Adapters, IC circuits සහ charging cable යනාදී බැටරි ආරෝපන ක්‍රියාවලියට සම්බන්ධ සියලු අංග මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර low temperature සහ thermal shock ආදී පරීක්ෂා රැසකින් පසු TÜV Rheinland සඳහන් කර ඇත්තේ එම සියලු අංග නිසි ප්‍රමිතියට පවත්වාගෙන යමින් Huawei විසින් වේගවත් ආරෝපණයක් පමණක් නොව වඩාත් ආරක්ෂාකාරී ආරෝපණයක් සිය පාරිභෝගිකයා වෙත සපයන බවයි.