FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවේ ප්‍රහාර හේතුවෙන් සිරියාවේ 84ක් ජීවිතක්‍ෂයට..

පසුගිය මාර්තු මාසයේ දී ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සිරියාවේ සිවිල් වැසියන් 84 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

සිරියාවේ රඛා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් බොහෝ පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බවත් ජීවිතක්‍ෂයට පත්වූවන් අතරින් වැඩි දෙනෙකු පාසල් ළමයින් බවත් වාර්තා වෙයි.

එම පිරිස් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ රඛා නගරයට බටහිර දෙසින් පිහිටි පාසලකට සහ වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරවලින්ය.

එම ස්ථානවල රැඳී සිටි අයි එස් ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර එය ඔවුන් එල්ල කළ දරුණුතම ප්‍රහාර දෙකක් ලෙසද සැලකෙයි.

C.රොද්‍රීගු