ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිවිය පිළිබඳව ලියූ ‘ජනාධිපති තාත්තා’ ග්‍රන්ථය පසුගියදා එළිදැක්විණි.
මෙම ග්‍රන්ථය මිලදී ගැනීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර ඒ පිළිබඳ ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ජනාධිපති තාත්තා ග්‍රන්ථය මිලදී ගැනීමට හේතුව නාමල් රාජපක්ෂ මහතා විසින් සතිපතා පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ මෙලෙසිනි.
“කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියෙමි. සුපුරුදු පරිදි මම සෑම වර්ෂයකදීම මෙන් එම ප්‍රදර්ශනය නැරඹීමටත්, අවශ්‍ය පොත්පත් මිලදී ගැනීමටත් කටයුතු කරමි. කෙසේ වෙතත් මම පොත් ප්‍රදර්ශනයට ගොස් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ ග්‍රන්ථය මිලදී ගැනීමට කටයුතු කිරීම පිළිබඳ බොහෝ දෙනෙකු විවේචන ඉදිරිපත් කර තිබිණි.
මම එය මිලදී ගත්තේ පොත්වලට ඇති ආසාව නිසාත් තවත් පොතක් ලෙස කියවා යම්කිසි දැනුමක් ලබාගැනීමේත් අපේක්ෂාවෙනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මම නීතිවිභාගයට මුහුණදුන්නේ වායු සමනය කළ කාමරයක සිට බවයි. මට ඇත්තේ ව්‍යාජ උපාධියක් බව පැවසූ ඔහු මගේ සහෝදරයන්ගේ අධ්‍යාපනය පිළිබඳ පවා මඩ ගැසීය.
ජනාධිපති තාත්තා ග්‍රන්ථය රචනා කළේ වෙනත් අයෙකු බවත්, ඔහුට මුදල් නොගෙවූ බවටත් මේ වනවිට කතාවක් පැවතියද, එම ග්‍රන්ථය කියවීම සඳහා එය බාධාවක් නොවන අතරම, එය මට කිසිසේත් අදාළද නොවේ” යැයි ඔහුගේ ලිපියේ සඳහන් වෙයි.









