අනුරාධපුර මූලස්ථාන පොලීසිය ඊයේ(24) දින සිදුකළ වැටලීමකදී පෙම්වතුන් 104 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ උපකාරක පන්ති යන බවට පවසා මෙම පෙම්වතුන් සිය නිවෙස්වලින් පැමිණ ඇති බවයි.
මෙම වැටලීම සිදුකර ඇත්තේ මොවුන් අනුරාධපුර නගරයේ උද්‍යානවල රැඳී සිටින බවට පොලීසියට දිගින් දිගටම ලද පැමිණිලිවලට අනුවය.
පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් පෙම්වතුන් අශෝභන ලෙස හැසිරී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් අත්අඩංගුවට ගත් මෙම පෙම්වතුන් අවවාද මත මුදා හැරි බවත්ය.









