FAST NEWS

24×7 Around the Globe

බාලි දිවයිනේ ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත..

බාලි දූපත්හි අගුන් ගිනි කන්ද සක්‍රීයවීම හේතුවෙන් පුද්ගලයින් 35,000ක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය දින කිහිපයේම දුම පිටකරමින් මෙම ගිනි කන්ද සක්‍රීයවීම ආරම්භ වී තිබු අතර එරට වාර්තා සදහන් කරන්නේ මේ වන විට සුළු වශයෙන් ලාවා පිටවීම ආරම්භ කර ඇති බවයි.

ඒ හේතුවෙන් පියවර ගෙන තිබෙන්නේ අගුන් කන්දේ සිට කිලෝමීටර් 12ක් පමණ දුරට පදිංචිව සිටින ජනතාව ඉවත් කිරීමටය.

C.රොද්‍රීගු