FAST NEWS

24×7 Around the Globe

ජර්මනියේ බලය 4 වන වරටත් ඇන්ජලා මර්කල්ට හිමි වෙයි..

පසුගිය වසර 12 ක කාලය තුළ අයෝමය කාන්තාවක් ලෙසින් පාලන බලය හෙබවූ චාන්සලර් ඇන්ජලා මර්කල් ජර්මන් මහ මැතිවරණයෙන් 4 වන වරටත් බලය හිමිකරගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඇයගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මහ මැතිවරණයෙන් සියයට 33.9 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇති අතර, එය පසුගිය වසර 70 ක කාලය තුළ ලබාගත් අවම ඡන්ද ප්‍රතිශතය ලෙස වාර්තා වෙයි.

වයස අවුරුදු 18 ඉක්මවූ ජර්මානුවන් මිලියන 61.5 ක් මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් සදහන්ය.

C.රොද්‍රීගු