FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව පැනවූ සංක්‍රමණික තහනමට තවත් රටවල් 3ක් ඇතුලත් කෙරේ..

ඇමෙරිකාව රටවල් කිහිපයකට පැනවූ සංක්‍රමණික තහනමට උතුරු කොරියාව, වෙනිසියුලාව සහ චෑඩ් යන රාජ්‍යයන් ද ඇතුලත්කර ඇති බව විදෙස්වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(24) දින මේ පිළිබදව ප්‍රකාශයක් සිදු කර ඇති අතර තම රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බවත්, ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අය රටට ඇතුළු කර නොගන්නා බවත් ඔහු කියා ඇත.

මින් පෙර ට්‍රම්ප් විසින් ඉරානය, ලිබියාව, සිරියාව, යේමනය, සෝමාලියාව සහ සුඩානය යන රටවලටද සංක්‍රමණික තහනමක් පනවනු ලැබු නමුත් ට්‍රම්ප්ගේ නවතම ප්‍රකාශය සමග සුඩානයට පැන වූ තහනම ඉවත් කර ඇති බව වාර්තා වේ.

C.රොද්‍රීගු