FAST NEWS

24×7 Around the Globe

එයා විස්ස ආවාම බලූ කුක්කෙක් වගේ ඇවිත් ඡන්දය දෙනවා..

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් යොවුන් පෙරමුණේ රැස්වීමේදී ජාඇල සංවිධායක හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරාට එය ඇමතීමට අවස්ථාව ලබා නොදීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක අද අදහස් දක්වා සිටියේය.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

‘‘දැන් ජනතාවගේ ඉවසීම ඉක්මවා ගිහින් තියෙනවා. ඒ නිසා හරියාකාරව ඉදිරියට ගමන් කරන මාර්ගය දැන් අපි හදන්න අවශ්‍යයි. අපි එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර ගමන්කරන කොට ඒ අය එකතුවෙලා තියෙන්නේ එක ගමනක් නම්, උදේට අපිට කෑ ගහලා ? සිංදු කියන්න කතා කරන්න අවස්ථාවක් ඇති කරන්න බැහැ. කුරුල්ලන්ට අපේ හිස උඩින් පියාසර කරන්න පුළුවන්. හැබැයි ඇවිල්ලා කුරුලූ කූඩු හදන්න ඉඩ දෙන්න බැහැයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමැතියි.

සමහරු ඇමතිවරුන් ඉන්නවා උදේ කැබිනට් එකේ කතා කරනවා. හැන්දෑවේ ගිහිල්ලා ඒක විවේචනය කරනවා. අපිට අවශ්‍ය වන්නේ ජාතික අරමුණ ඉෂ්ට කරන්න මිසක් එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ පක්ෂ අවශ්‍යතාවන් අනුව කටයුතු කරන්න නොවෙයි. ඇමතිවරයෙක් ගිය සුමානේ කතා කරලා කියනවා ආණ්ඩුවෙ කරන දේවල් වැරදිලූ. මේව මීට වැඩිය හොදට කරන්න ඕනාලූ. ඒ එක්කෙනා අවුරුදු 20 ක් පෙර ඉදලා ගමන් කළා. ඊට වැඩිය අන්ත ගමනක් ගියේ. එතකොට කට අරින්න බැරිවුණා. එතකොට කියනවා 20 ට විරුද්ධව ඡන්දය දෙනවා කියලා. නමුත් විස්ස ආවාම බලූ කුක්කෙක් වගේ ඇවිත් ඡන්දය දෙනවා.’’