FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත මහ මැතිවරණයෙන් පාලක පක්ෂය ඉදිරියෙන්..

නවසීලන්ත මහමැතිවරණයෙන් එරට පාලක ජාතික පක්ෂය ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මහමැතිවරණයේ සියයට 70 ක පමණ ඡන්ද මේ වනවිට ගණනය කර අවසන්ව ඇත.

එහිදී කම්කරු පක්ෂය පරාජය කරමින් මෙලෙස පාලක පක්ෂය ඉදිරියෙන් පසුවන බව ද සදහන්.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලින් සියයට 46 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ඔවුන් ලබාගෙන ඇති අතර, කම්කරු පක්ෂය ලබාගෙන ඇත්තේ සියයට 35 ක ඡන්ද ප්‍රතිශතයක්.