විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට දේශීය නාලිකාවල පෙන්වීම හේතුවෙන් දේශීය ටෙලි නාට්‍ය හා ශිල්පීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති බවත් ටෙලි නාට්‍ය සඳහා නීති සකස් කර ප්‍රමිතියක් සකස් කළ යුතුව තිබෙන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ලාංකික ටෙලි නාට්‍ය කලාව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් වාචික ප්‍රශ්නයක් යොමු කරමින් විමසූ පැනට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.
“විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට දේශීය නාලිකාවල පෙන්වීම නිසා ප්‍රශ්න ඇතිවී දේශීය ටෙලි නාට්‍ය හා ශිල්පීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වෙලා. බදු අයකිරීමෙන් මේ වනවිට බිලියන 1.5ක් එකතු වී තිබෙනවා. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් සම්බන්ධ කරගෙන සාකච්ඡා කර තිබෙනවා. ටෙලි නාට්‍ය සඳහා නියාමනයක් නෑ. නීති සකස් කරලා ප්‍රමිති සකස් කිරීමක් කළ යුතුයි. නව අයවැය මඟින් හෝ සියලු පාර්ශවයන්ට සාධාරණයක් ඇතිවන ලෙස බදු මුදල් අයකිරීමට පියවර ගන්නවා. 2006 සිට බද්ද පැන වූවා. බදු අයකිරීම ගැන අපැහැදිළිකම් තිබෙනවා.“ ඒ සියල්ල නිවැරැදි කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
විදේශීය චිත්‍රපට සඳහා පැන වූ බද්දෙන් වසර 2016 දී මිලියන 36.5ක් ආදායමක් උපය ඇත. විදේශීය ටෙලි නාට්‍ය සඳහා පන වූ බද්දෙන් 2015 වසරේ දී මිලියන 89.4ක් ද වසර 2016 දී මිලියන 124.1 ක් ද උපයාගෙන ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.