FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ දේශපේ‍්‍රමී නෑ.. තවරාගත් දේශප්‍රේමිත්වයක් තිබුණේ..

මේ ආණ්ඩුව හොද නැත්නම් මීට වඩා හොද වෙනත් ආණ්ඩුවක් හදන බව ඇමති චම්පික රණවක මහතා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පවසයි.

‘මතක තියාගන්න මහින්ද රාජපක්ෂ දේශපේ‍්‍රමී නෑ. තවරාගත් දේශප්‍රේමිත්වයක් තිබුණේ. සුනාමි සහන මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එයා. 2005 ජනාධිපතිවරණය දිනන්න කොටින්ට සල්ලි දුන්නේ එයා. අපි ඒවා දැනගෙන ඒ මොහොතේදී නිශ්චිතව ගත යුතු දේ ගත්තා.

රනිල් වික්‍රමසිංහ වෙනස් වෙලා තියෙනවා. අපිත් වෙනස් වෙලා තියෙනවා. රනිල් චන්ද්‍රිකා දෙන්නම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය වැරදි නමුත් ඒක අතීතය. ඒක දැන් ඉවරයි. අපට දැන් තියෙන්නේ අනාගතයේ ඉස්සරහට යන්න.

මේ ආණ්ඩුවේ වැරදි තියෙනවනම් ඒවත් හදාගෙන යා යුතුයි. මේක වැරදිනම් ඊට වඩා හොඳ එකක් හදනවා මිසක් ආපස්සට රට ගෙනියන්න දෙන්න බෑ’