IS ත්‍රස්තයන්ට එරෙහි රුසියානු හා සිරියානු ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුම්වලින් සිරියාවේ සම්පූර්ණ භූමියෙන් 87.4%ක ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වසර දෙකක් පුරා පැවති එම මෙහෙයුම්වලට ප්‍රහාරක ගුවන් යානාවල සහාය ද ලැබුණු බවයි යුද විශ්ලේෂකයින් පවසා ඇත.
රුසියා ගුවන් හමුදාව ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර අනූ හය දහසක් එල්ල කර ඇති අතර ප්‍රබල ත්‍රස්ත කදවුරු තිස් පහක් ඉලක්ක කරගනිමින් එම ප්‍රහාර ක්‍රියාත්මක කෙරුණු බවත් පැවසේ.









