FAST NEWS

24×7 Around the Globe

රුසියා හා සිරියා ඒකාබද්ධ මෙහෙයුම්වලින් සිරියාවේ 87.4%ක භූමියක් අත්පත් කර ගනී

රුසියා හා සිරියා ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුම්වලින් සිරියාවේ සම්පූර්ණ භූමියෙන් 87.4%ක ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබේ.

IS  ත්‍රස්ත ග්‍රහණයෙන් බොහෝ ප්‍රදේශ මුදා ගැනීම සදහා මෙම ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක වුණි.

යුද විශ්ලේෂකයින් පවසන්නේ වසර දෙකක් පුරා පැවති එම මෙහෙයුම්වලට ප්‍රහාරක ගුවන් යානාවල සහාය ද ලැබුණු බවයි.

රුසියා ගුවන් හමුදාව ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර අනූ හය දහසක් එල්ල කර ඇති අතර ප්‍රබල ත්‍රස්ත කදවුරු තිස් පහක් ඉලක්ක කරගනිමින් එම ප්‍රහාර ක්‍රියාත්මක කෙරුණ බව වාර්තා විය.