FAST NEWS

24×7 Around the Globe

තුර්කියේ ස්තාන්බුල් ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට ගිය ගුවන් යානයක් ගිනි ගනී..

තුර්කියේ ස්තාන්බුල් ප්‍රධාන ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට ගිය ගුවන් යානයක් ගිනි ගැනීමෙන් සිව් දෙනෙකු තුවාල ලැබු බව වාර්තා වෙයි.

ජෙට් වර්ගයට අයත් මෙම ගුවන් යානයේ හදිසි ගින්නක් ඇතිවීමත් සමග එය ස්ථාන්බුල් ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට කටයුතු කරන අතරතුර එය අනතුරට ලක්ව ඇති අතර ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමට ද පියවර ගැන ඇති බව සදහන්ය.

එරට වාර්තා සදහන් කළේ ගින්න ඇතිවන අවස්ථාවේ යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු හා කාර්ය මණ්ඩල සාමාජිකයෙකු, මෙන්ම එක් මගියෙකු ද සිටි බවයි.

කාර්මික දෝෂයක් ගින්න ඇතිවීමට බලපා ඇති බව මුලික පරීක්ෂණවලදී හෙළි ව ඇති අතර යානය යථා තත්ත්වයට පත් කිරීමට ගුවන්තොටුපොළ නිලධාරීන් කටයුතු කර තිබෙන බව වාර්තා විය.

C.රොද්‍රීගු