FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහිව නව සම්බාධක පනවයි..

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහිව නව සම්බාධක පනවා ඇති බව වාර්තා වේ.

මෙලෙස සම්බාධක පනවා ඇත්තේ රෙදිපිලි , ධීවර සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍රවලටය.

ඒ අනුව උතුරු කොරියාව සමග ගනුදෙනු කරන මූල්‍ය ආයතනවලට එරෙහිව කටයුතු කිරීමේ බලය ඇමෙරිකා රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ඇති බවත් චීන මහ බැංකුවටද උතුරු කොරියාව සමග ගනුදෙනු සිදුනොකරන ලෙස එරට බැංකුවලට උපදෙස් දී ඇති බවත් ට්‍රම්ප් පවසා ඇති බව සදහන්ය.

C.රොද්‍රීගු