දෙවැනි දිනටත් පොලිස් අණ නොතකා පලාගිය ලොරි රථය පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් පසු ලොරි රියදුරු පොලිස් සැරයන්වරයාට පිහියක් පෙන්වා තර්ජනය කර ඇතැයිද තර්ජනයට බිය නොවූ සැරයන්වරයාට අනතුරුව රුපියල් ලක්‍ෂයක් දීමට තැත්කර ඇතැයිද පයාගල පොලිසිය පවසයි.
පොලිස් සැරයන් තිස්‌සවීර (21021) මහතා මුදලට මෙල්ල කර ගැනීමට නොහැකිවූ විට ලොරි රථයෙන් බැස පලාගොස් ඇතැයිද පොලිසිය පවසයි.
පෙරේදා (20) පයාගල දියලගොඩ ගාලු පාරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා දුටු ලොරි රථයේ රියෑදුරු පොලිස් අණ නොතකා පලායමින් සිටියදී රථය ලුහුබැඳ ගොස් නාගහදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සැරයන්වරයා සමත්වී ඇත.
සැරයන්වරයා ලොරිය පොලිසිය වෙත ගෙන ඒමට තැත්කරන විට රියදුරු රථයද දමා පැනගොස් ඇතැයි පොලිසිය පවසයි.
ගවයින් ප්‍රවාහනය කිරීමට සහ ගැට ගැසීමට සුදුසු ලෙස ලොරිය සකස් කර ඇතැයිද පිටුපස අංක තහඩු නොපෙනෙන ලෙස ලොරි රථය ආවරණය කර තිබූ බවද පොලිසිය පවසයි.









