FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ දයිර් අල් සල්වා නගරයෙන් කොටසක් ත්‍රස්තයන්ගෙන් මුදා ගැනේ..

සිරියාවේ දයිර් අල් සල්වා නගරයෙන් සියයට 85 ක ප්‍රමාණයක් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත් වී ඇතැයි රුසියාව පවසයි.

නගරය දයේෂ් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදාවට රුසියානු හමුදාවේ සහාය හිමිව ඇති බවත් වාර්තා විය.

මේ සතිය අවසන් වනවාත් සමගම මුළු නගරයම යළි සිරියානු රජයේ හමුදා අතට පත් කර ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද රුසියානු ආරක්ෂක කටයුතු අමත්‍යාංශය දන්වා ඇතැයි සදහන් වෙයි.

(ප්‍රෙස් ටීවී)

C.රොද්‍රීගු