පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතෙහිම වැලි මැස්සාගෙන් බෝවන “ලීස්මනයිසීස්”රෝගය පැතිර තිබෙන බව පොලොන්නරුව වසංගත රෝග නිවාරණ වෛද්‍ය වයි.එස් චමින්ද සෙනෙවිරත්න පවසයි.
ඉකුත් වසරේ දී “ලීස්මනයිසීස්” රෝගීන් 129ක් වාර්තා වී ඇති බවත් මෙම වසරේ ජූලි මාසය අවසන් වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 84ක් බවත් ඔහු පෙන්වාදෙයි.
වසංගත රෝග ව්‍යාප්තිය පිළිබදව කළ විමසුමක දී ඔහු මේ බව ප්‍රකශ කරන ලදි.









