FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත‍්‍රී ට‍්‍රම්ප් හමුවෙලා.. (ඡායාරූප)

72 වන එක්සත් ජාතීන්ගේ සමළුවට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිවුයෝක් නුවර බලා ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබේ.

මෙම අවස්ථාව සදහා ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මියද එක්ව සිට ඇති අතර භෝජන සංග්‍රහයෙන් පසු ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා හා බිරිද ඇමරිකා ජනාධිපති හා බිරිද සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටි බව වාර්තා විය.