FAST NEWS

24×7 Around the Globe

සම්බාධක වැඩි වන තරමට න්‍යෂ්ටික වැඩසටහන් වේගවත් කරනවා..

තම රටට එරෙහිව සම්බාධක සහ පීඩනය වැඩි කරන තරමට සිය න්‍යෂ්ටික වැඩසටහන තවත් වේගවත් වනු ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවයි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ නවතම සම්බාධක “කුරිරුතම, ආචාරධර්ම විරෝධී, අමානුෂික සතුරුකමක්‌” වන බව උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශය දැඩි වචන භාවිත කරමින් නිකුත් කර ඇති නිවේදනයක දැක්‌වෙන බව විදෙස් වාර්තා පවසයි.

“එක්‌සත් ජනපදය සහ එහි ගැති රටවල් උතුරු කොරියානු ජනරජයට එරෙහිව තහංචි පැනවීම සහ පීඩනයක්‌ එල්ල කිරීම තුළින් අපේ න්‍යෂ්ටික බලය පිහිටුවීමේ අවසාන ඉලක්‌කය කරා යන ගමනේ වේගය වැඩිවීම පමණක්‌ සිදුවනු ඇත.” යනුවෙන් උතුර කොරියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

(DE සිල්වා)