FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මරණවලින් සියයට 68ක්‌ම කතුන්ලූ..

මෙම වසරේ මෙතෙක්‌ දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු මරණවලින් සියයට 68 ක්‌ ම කාන්තාවන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු පිළිබඳ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

මෙරට කාන්තාවන් ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර ලැබීම පමා වීම හෝ වෙනයම් සාධකයක්‌ මත රෝගයට ගොදුරු වීමෙන් පසු මිය යන ප්‍රතිශතය මෙම වසරේදී ඉහළ ගොස්‌ ඇති බවත් මෙසේ මිය ගොස්‌ ඇති ඩෙංගු රෝගය වැළඳුණු කාන්තාවන් වයස අවුරුදු 15-45 වයස්‌ කාණ්‌ඩයේ පසුවන බවත් වෛද්‍ය තිසේරා මහතා කීවේය.

මෙම වසරේ ගත වූ මාස අටහමාරක කාලය තුදී ඩෙංගු රෝගීන් එක්‌ලක්‍ෂ හතළිස්‌ හතර දහස්‌ අටසියයකට අධික සංඛ්‍යාවක්‌ දිවයිනෙන් වාර්තා වී ඇති බවත් ඩෙංගු මරණ 390 ක්‌ වාර්තා වී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.