FAST NEWS

24×7 Around the Globe

මෙක්සිකෝ භූ කම්පනයෙන් කුඩා දරුවන් ඇතුලු 230 දෙනෙකු ජීවිතක්ෂයට..

මෙක්සිකෝ නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පෙරේදා(19) පස්වරුවේ රිච්ටර් මාපකයේ 7.1ක පරිමාණයකින් බලපෑ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 230 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සෙසු ප්‍රදේශවලද සුන්බුන්වලට යට වූ පිරිස් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව වාර්තා වන අතර භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බවත් විදෙස්වාර්තා පෙන්වා දෙයි.

එරට ජනාධිපති එන්රික් පේනා නීටෝ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර වසර 32කට පසුව මෙක්සිකෝවට බලපෑ ප්‍රබල භූ කම්පනය මෙය වන බවත් කියැවේ.

C.ක්‍රිස්ටීන්