FAST NEWS

24×7 Around the Globe

තේ අපනයන සීයයට 17.8 කින් ඉහළට..

මේ වසරේ මුල් මාස හයක කාලයේදී තේ අපනයන සියයට 17.8කින් වර්ධනය වී ඇති බවත් තේ අපනයන පරිමාව සියයට 9.5කින් පහළ ගියද ඉහළ මිල ගණන් නිසා තේ අපනයන වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා සඳහන් කරයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින ඉහළ තේ මිල ගණන් හා සමගාමීව ශ්‍රී ලංකාවේ තේ සඳහා වූ සාමාන්‍ය අපනයන මිල පසුගිය වසරේ ජූනි මාසයේදී කිලෝග්‍රෑමයකට ඇමෙරිකානු ඩොලර් 4.27 සිට මේ වසරේදී ඩොලර් 5.36ක් දක්වා ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකු තවදුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)