FAST NEWS

24×7 Around the Globe

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා එක් වර්ණයක්..

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහාම වෙන්වු වර්ණයක් කඩිනමින් හදුන්වාදීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව තීරණය කළ බව එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේ කිරීමෙන් කුලී ගමනක් යන්නකුට හා වෙනත් ‍ ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් කුලී ත්‍රීරෝද රථ හදුනා ගැනිමට පහසුවන බවද එ මහතා පැවසීය.

මේ වන විට මගී ප්‍රවාහන රථවලට යොදන වර්ණය පිළිබදව සාකච්ජා කරමින් පවතින අතර වර්ණය තීරණය කල විගස එය මගී ප්‍රවාහන රථවලට යෙදවීමට කටයුතු කරන බවත් මීට අමතරව වර්ණවත් කල ත්‍රීරෝද රථ වලට ලාංජනයක් ද යෙදවීමට අපෙක්ෂා කරන බව මහතා සඳහන් කළේය.

දැනට ලංකාවේ ලක්ෂ එකොළහකට වැඩි ප්‍රමාණයක් ත්‍රීරෝද රථ ලියාපිදිංචි වී තිබෙන අතර එයින් නම ලක්ෂයක් මගී ප්‍රවාහනය සදහා යොදවා ඇති බවද එ මහතා පෙන්වා දෙයි.

මෙහිදී මගී ප්‍රවාහන කරන ත්‍රීරෝද රථ වර්ණවත් කොට සීල් එකක්ද යෙදුවත් අදාල ත්‍රීරෝද රථයෙන් මගීන් රැගෙන යනවිට තමන් සතුව මගී ප්‍රවාහනය සදහා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව මගින් නිකුත් කරන සහතික පතද තිබිය යුතුවෙයි.

ඔත්තෝබර් මස පළමුවැනිදා පෙර ත්‍රීරෝද රථ වලට මීටර් සවිකර රිසිට් පතක් ලබිදීමට නියමිතව තිබු කාලසීමාව ත්‍රීරෝද රථ සංගම් වලින් කල ඉල්ලීම් වලට අනුව දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කල බවද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.