FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහාය දෙන බව අබ්බාසි කියයි..

ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහාය ලබාදීමට සූදානම් බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය කඛාන් අබ්බාසි මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසි වාරය සඳහා සහභාගීවීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී සඳහන් කර තිබේ.

දෙරට අතර පවතින වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරමින් එය ශක්තිමත් සහ නව ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට කැපවන බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

(DE සිල්වා)